Skip to main content

අසරණයෙකුට නිවසක් ලබාදෙමු.

By August 25, 2014May 29th, 2019Uncategorized

මේ පින්තූරෙ දක්වල ඉන්න අසරණ මනුස්සය මන්ද මානසික රෝගියෙක්. ඔහුට හරි හමන් රැකියාවක් නෑ. එදිනෙදා කුලී වැඩ කරන්නෙ. එයාගෙ බිරිදට රැකියාවක් නැ. පුංචි පුතා පාසැල් යනව. දෙවෙනි වසරෙ විතර ඉන්නෙ. මේ අයට ඉන්න හිටින් තැනක් නැ. ඉන්නෙ අනුන්ගෙ ඉඩමක මේ පැල්පත අටවගෙන. ඒකත් නිතර තෙමෙනව. හරිහමන් වැසිකිලියක් නෑ. ලිදක් නෑ. වතුර ගේන්නෙ ඈතින්. සමහර දාට බිරිදගෙ අම්මත් ඇවිත් මේ ගෙදර ඉන්නෙ. හරිම දුකක් විදින්නෙ මේ අය. මේ ජීවන වියදමත් එක්ක එයාලට ගෙයක් කියන්නෙ හීනයක්. පුතා පුංචි නිසා ලාම්පු එළිය ටිකක් භයානකයි. ඒ නිසා පින්වත් මහත්තයෙක් මෙ පැල්පතට විදුලිය අරන් දීල තියෙනව. හැබැයි නිකන් නෙවෙයි. ඒ සල්ලි දීල තියෙන්නෙ ණයට. මෙයා ඒ මහත්තයගෙ වත්තෙ හැමදාම වැඩකරනව. එයා මෙයාගෙ පඩියෙන් අර මුදල් කපනව.

මේ ඇත්තන්ට බනින්න එපා කම්මැලි නිසා දුප්පත් වෙලා ඉන්නෙ කියල. මෙයා මානසික රෝගියෙක්. මෙයාට පුලුවන් කියන දෙයක් කරන්න විතරයි. කල්පනා කරල වැඩක් කරන්න හැකියාවක් නෑ.

පින්වත් යාලුවනේ අපි මොනතරම් නම් අපරාදෙ මුදල් වියදම් කරනවද? ලක්ෂ ගණන් විනෝදය උදෙසා අපි වැය කරනව. කිසිම ඵලක් නැති දේවල් වලට. ඔයාල පීසා හට් කනකොට මේ අසරණයො සම්බෝලයි බතුයි වත් කන්න නැතිව දුක් විදිනව. ඔයාල සුව පහසු ඇදන්වල මහ දවල් වෙනකම් නිදියද්දි මේ අසරණයො කඩමලු පැදුරෙ ගුලිවෙලා ඉදල පාන්දර කහට එකක් බීල වැඩට යනව. ඔයාල දවසගානෙ ඇදුන් මිලදී ගනිද්දි මේ අසරණයො අනුන්ගෙන් ඉල්ලගත්ත ඇදුම් කඩමලු ඇදන් ඉන්නව. පුංචි පුතා ලොකු වෙද්දි එයාට තව කොච්චර වියදම් යනවද? ඉතින් මේ ඇත්තන්ට ගෙවල් දොරවල් හදනව කියන්නෙ හීනයක් විතරයි.

අපිට පුලුවන්නම් ඉඩමක් අරන් මේ අසරනයන්ට නිවසක් හදල දෙන්න ඒක මහ පින්කමක් වේවි. අපිට අතට මුදල් එවන්නෙ නැතිව ඔයාලම ඇවිත් මේ දේවල් ඇස්වලින්ම බලල දැකල උදව් කරන්න පුලුවන්නම් හරි වටිනව. එහෙම කරනවටයි අපි වැඩිපුරම කැමති. එහෙම නැතිනම් ඔබ විදේශගත කෙනෙක්නම් අපි අතට මුදල් දෙන්නෙ නැතිව ගෙවල් හදන්න බාරගන්න කොන්ත්‍රාත් සමාගමකට බාරදීල අපිට මේ වැඩේ කරල දෙන්න පුලුවන්නම් ඒකත් හරිම වටිනව. මේ ඉඩමක් වෙන්දේසි කරනව.  පර්චස් පහලොවක් පමන රුපියල් 150,000/- කට විතර ගන්න පුලුවන්. කිහිප දෙනෙක් එතුවෙලා හරි මේ පින්කමට සිදු කරන්න පුලුවන්නම් හරිම වටිනව.

ඔබ මේ වෙනුවෙන් උනන්දුවක් දක්වනවනම් කරුණාකර මේ දුරකථන අංකයට අමතන්න.

071-2933180 .

නැත්නම් ස්කයිප් හරහා එක්වන්න ckumara32

ජාති ආගම් භේදයකින් තොරව මේ පින්කමට දායක වන්න.

මම සතවයාගේ හිත සුව කැමති එරන්ද ලක්මාල්ද සිල්වා.

Leave a Reply